සම්පායෝ ඇතුලු සැකකරුවන් ලබන 18 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරයට

අගෝ 04, 2020

    අද දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුලු සැකකරුවන් සිව් දෙනා ලබන 18 දින දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා අද නියම කළේය.

    ඒ, එම බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රැඳවියෙකුට සුවිශේෂ පහසුකම් සැපයීම සම්බන්ධයෙන්. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News