ජාතික රූපවාහිනිය මැතිවරණ විකාශයේ ප්‍රමුඛයා (වීඩියෝ)

අගෝ 05, 2020
  • ජනතා විශ්වාසය රැක ගනිමින් නිවැරදි තොරතුරැ හා දත්ත උපයෝගි කර ගනිමින් මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමට මෙවරත් ජාතික රූපවාහිනිය සූදානම්.


    ලොව පුරා කොවිඩ්-19 රෝගය ව්‍යාප්ත වුවද, ලොව රටවල් කිහිපයකම සාර්ථකව මැතිවරණ පැවැත්විණ. එම රෝගය ව්‍යාප්තිය පාලනය කරමින් රජය මහ මැතිවරණයට අවශ්‍ය පරිසරය සකසනු ලැබීය. එහි සාර්ථක ප්‍රතිඵලය හෙට ජනතාවට අත්කර ගත හැකිය. නව වැනි පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය හෙටයි.

    පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල විකාශය ආරම්භ කෙරෙන්නේ හෙට පෙරවරු 7.00ටයි. ඒ, ජාතික රූපවාහිනිය ඔස්සේ සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම එය ඉදිරිපත් කෙරේ. මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කෙරෙන සියලු තොරතුරු එසැණින් ඔබ වෙත ඉදිරිපත් කෙරෙන්නේ, ජාතික රූපවාහිනිය ඔස්සේ. රට පුරා විවිධ ස්ථානවල සිට අප මාණ්ඩලික හා ප්‍රාදේශීය වාර්තාකරුවන් තොරතුරු ගෙන එනවා.

    ප්‍රමුඛතම රාජ්‍ය මාධ්‍ය  ලෙස ජාතික රූපවාහිනිය මැතිවරණ කොමිෂන් සභාවේ උපමානවලට අනුකූලව අවසන් ප්‍රතිඵලය දක්වා තොරතුරු ගෙන එනවා. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය සහ ඉංජිනේරු අංශය ඇතුළු අනෙකුත් සියලු අංශ ඒ සඳහා දායකත්වය සපයනවා. විද්්‍යුත් මාධ්‍ය කලාවේ නවීන තාක්‍ෂණික දෘශ්‍ය ප්‍රයෝග සහිත මැතිවරණ ප්‍රතිඵල විකාශය මෙවර නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය-2020 යනුවෙන්.

    හෙට උදෑසන 7.00 සිට අවසන් ප්‍රතිඵලය දක්වා මැතිවරණ කොමිෂන් සභාව හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරන ක්‍රියාවලිය නොපමාව ඔබ වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සූදානම්. පසුගිය මැතිවරණවලදී මෙන්ම මෙවර ද මැතිවරණ කොමසාරිස්වරයාගේ අත්සනින් නිල වශයෙන් නිකුත් කෙරෙන ප්‍රතිඵලය ප්‍රථමයෙන් ගෙන එන්නේ ජාතික රූපවාහිනියයි.

    Last modified on බදාදා, 05 අගෝස්තු 2020 13:36

    Latest News