80-85% ඡන්දය පාවිච්චි කරයි; මහින්ද දේශප්‍රිය (වීඩියෝ)

අගෝ 03, 2020
  • මෙවර මහ මැතිවරණයේ දී 80ත් 85ත් අතර ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව විශ්වාස කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී. 

    එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා...

    “ඡන්ද විමසීම හරියටම පස් වැනිදා පෙරවරු 7.00ට ආරම්භ කෙරෙනවා. ලංකාවෙම ඡන්ද මධ්‍යස්ථාන 12,985 අපි බලාපොරොත්තු වෙනවා එක්කෝටි හැට දෙලක්‍ෂයක ජනතාවගෙන් අඩුම ගානේ එක් ලක්‍ෂ තිස්දාහක්වත් 80-85%ක් වත් ඡන්ද දාන්න එයි කියලා අයහපත් කාලගුණය මධ්‍යයේ වුවත්“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 20:29

    Latest News