ඔබේ පුරවැසි වගකීම ඉටු කරන්න; අගරදගුරු හිමිපාණෝ (වීඩියෝ)

අගෝ 03, 2020
  • රටේ ඉදිරි අනාගතය තීරණය කරන මෙම මැතිවරණයේදී ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය ලබාදීමට ඇති පුරවැසි වගකීම ඉටු කරන්නැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    උන්වහන්සේ, විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්....

    “ඔබේ පුරවැසි යුතුකම ඉටු කරන්න. හැකි ඉක්මණින් ඡන්ද පොළට ගොස් මැතිවරණ කොමිසම ඉදිරිපත් කරලා තියෙන ඒ වැඩසටහනට එකඟව, ආරක්‍ෂක අංශ විසින් පෙන්වා දෙන වැඩපිළිවෙළට එකඟව, සෞඛ්‍ය සේවාව විසින් කොවිඩ්-19 වසංගතය නිසා ඔබට දීලා තියෙන නියෝග නීති අනුව ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න“ යැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටී.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 20:32

    Latest News