යළි පණගැන් වූ “ශ්‍රීපත්” වෙළෙඳ පොළට (වීඩියෝ)

අගෝ 03, 2020
  • “ශ්‍රීපත්-යළි පණගැන්වූ වාලච්චේන කඩදාසි“ සන්නාමය යටතේ නිෂ්පාදිත පළමු තොගය ඊයේ වෙළෙඳ පොළට මුදා හැරිණ.

    උත්සවය පැවැත්වුණේ පදනම් ආයතනයේදී. එහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා කියා සිටියේ, “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු දේශීය හැකියාවන් උද්දීපනය කළ යුතුයි යන්නට මෙමගින් කදිම නිදසුනක් සපයා ඇති බවයි.

    රජය කඩදාසි ආනයනයට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන සියයක්. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමට රජය තීරණය කළේය.

    “ශ්‍රීපත්“ නමින් යුත් පළමු කඩදාසි තොගය වෙළෙඳපොළට මෙහිදී මුදා හැරිණ. එය සංකේතවත් කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිනි සෙනරත් යන මහත්වරුන්ට ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා විසින් සමරු ඵලක පිළිගන්වනු ලැබීය. ටොන් 40ක බරින් යුත් කඩදාසි තොගය මෙරට මුද්‍රණ සමාගම් කිහිපයක් මිලදී ගත්තේය. එය සංකේතවත් කරමින්, ඔවුන්ට ද සමරු ඵලක පිරිනැමිණ.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 20:35

    Latest News