මැතිවරණ ප්‍රචාරක කටයුතු 2 අවසන්

ජූලි 31, 2020

    ප්‍රචාරක අත් පත්‍රිකා බෙදීම, පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කිරීම ආදී කටයුතු ද මෙම අගෝස්තු මස 02 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග ඉකුත් 26 වැනිදා කරන ලද සාකච්ඡාවේ දී අගෝස්තු මස 03 වැනි දා අත් පත්‍රිකා බෙදා හැරීමේ යෝජනාවට එකඟතාවය පළ කළ ද සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු ද 2 වැනිදායින් අවසන් කිරීමට තීරණය කර තිබේ.

    විවිධ පාර්ශ්ව විරෝධතා දැක්වීම, පොහොය දිනයේ ආගමික කටයුතු සඳහා බාධා එල්ල වීමට ඇති හැකියාව, මැතිවරණ නිලධාරීන් රාජකාරී කටයුතු සිදු කිරීම යන කරුණු මත මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව ඡන්ද රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම පැවැත්වීම, නිවේදන කාර්යාලවල ප්‍රචාරක ප්‍රදර්ශනය, පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය 02 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු සිදු නොකළ යුතුයි.

    Latest News