ප්‍රංශයෙන් පිටුවහල්කළ "ඔසඳ පුතා" ධීවරයින් හෙට දිවයිනට 

ජන 04, 2019

    ප්‍රංශයේ රී යූනියන් දූපත්වලට සංක්‍රමණය වීමට ගොස් අත්අඩංගුවට පත්ව පිටුවහල්කළ ශ්‍රී ලාංකික ධීවරයින් 7ක් හෙට (05) යළි දිවයිනට පැමිණෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය පවසයි.

    පසුගිය දෙසැම්බර් 05 වැනිදා මීගමුවෙන් ධීවර රැකියාවට ගිය "ඔසඳ පුතා" ධීවර යාත්‍රාවේ 07 දෙනෙක් මෙසේ සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත්ව තිබේ. හෙට උදෑසන 4.25ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි පසු අනවසර සංක්‍රමණය වීමට උත්සහ දැරීම යටතේ අත්අඩංගුවට ගැනීම සිදුවන බව, සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මසිරි තිසේරා මහතා ජාතික රූපවාහිනියට ප්‍රකාශ කළේය.

    මෙවැනි අනවසර සංක්‍රමණය වීම් තුලින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති GSP සහනය වැනි පහසුකම් අහිමිවීමේ තත්වයක් උදාවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

     

    Last modified on සිකුරාදා, 04 ජනවාරි 2019 16:23

    Latest News