පළාත් 5කට නව ආණ්ඩුකාවරු

ජන 04, 2019

    පළාත් 05 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    01- බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි මහතා ද

    02- මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සතේන්ද්‍ර මෛතී‍්‍ර ගුණරත්න මහතා ද

    03- උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා ද

    04-වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතා ද

    05- නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ද

    මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට එක් විය.

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 15:07

    Latest News