මෙරට ප්‍රථම ළමා අක්මා බද්ධය සාර්ථකව

ජූලි 26, 2020

    ශ්‍රි ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම් ඉතා සාර්ථකව සිදු කර තිබේ. ඒ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී.

    මෙම අක්මා බද්ධ කිරීම සිදු කෙරුණේ, වයස අවුරුදු 9ක දැරියකටයි. ඇය කළක සිට සිරෝසිස් රෝගයෙන් පෙළෙමින් සිටියි. දිවයින පුරා සේවය කරන විශේෂඥවරුන්ගේ සක්‍රීය දායකත්වයෙන් හා ජීවි දායකයෙකුගේ අක්මාවක කොටස් උපයෝගී කර ගනිමින් පැය 12කට අධික ශෛල්‍යකර්මයකින් අනතුරුව ඇයට සාර්ථකව අක්මාව බද්ධ කළ බව වෛද්‍යවරුන් පවසයි. කුඩා දරුවෙකුගේ අක්මා බද්ධ කිරීමක් මෙරට දී සාර්ථකව සිදු කෙරුණු පළමු අවස්ථාව මෙයයි. දැරියට අවශ්‍ය අක්මා කොටස් ලබා දී ඇත්තේ, ඇගේ මව වීම විශේෂත්වයක්. යාපනය ප්‍රදේශයේ පදිංචි දැරිය හා 38 හැවිරිදි මව මේ වන විට යහපචත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි.

    විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් සැත්කම සාර්ථකව සිදු කිරීමට සමත් විය. මට අලුත් අක්මාවක් සමග අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තූතියි.. සුවය ලද දැරිය වෛද්‍යවරුන්ට එලෙස පවසා තිබිණ.

    Last modified on ඉරිදා, 26 ජූලි 2020 12:46

    Latest News