නිදන නගරයට හිරුබල විදුලිය (විඩියෝ)

ජන 04, 2019
  •  ඝෝෂාකාරි බවෙන් මිදුන, දුලබ ආකර්ශනීය පරිසර පද්ධති නිසාත් “නිදන නගරය" ලෙස විදේශීය සංචාකරයන් හදුන්වන ඇල්ල නගරයට සුර්යබල විථි ලාම්පු සවිකර තිබේ.

    මෙය විදේශීය සංචාරකයන්ගේ පැසසුමට ලක්ව ඇති අතර විදුලිය සදහා වැයවූ විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ඇල්ල ප්‍රාදේශීය සභාව සමත්ව ඇත. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 50 ක වැයවී ඇති අතර එය ඌව පළාත් සභා මුදල් ප්‍රතිපාදන වලින් සපයා දී තිබේ.
    මෘදු ආලෝකය මැද අලුයම් කාලයවනතෙක් ගත කරන සංචාරකයන් උපරිම වින්දනය ලබන අයුරු දක්නට පිිලිවන්.

    ඇල්ල නගරය මෙන්ම ඇල්ල ප්‍රදේශයම භූවිෂමතාවන්ගෙන් සහ විවිධ පාරිසරික ලක්ෂණවලින් සමන්විතවේ. බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශය සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට සුන්දරතම ස්ථාන අතුරින් ප්‍රමුඛ ප්‍රදේශයක්. බොහෝ සංචාරකයින් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට පා-ගමනින් පැමිණ කිතුල්ඇල්ල දුම්රිය ස්ථානය පසු කරමින්, ඇල්ල පර්වතය තරණය සඳහා පැමිණේ. මෙය, ලොව හොඳම ඔක්සිජන් වායුව සහිත පරිසර පද්ධතිය ලෙසත් ප්‍රකටයි. මුහුදු මට්ටමේ සිට උස මීටර දහසකට අධිකයි.

    උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර දුම්රියස්ථානයන් අතර පිහිටි නයින්ආච් හෙවත් ආරුක්කු නමයේ පාලම ඇල්ල ප්‍රදේශය ලෝකයට ගෙන යන තවත් විස්මිත නිර්මාණයක් සේ සැලකේ.

    Last modified on සිකුරාදා, 04 ජනවාරි 2019 16:45

    Latest News