නාවික හමුදාව කජු පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් අරඹයි

ජූලි 20, 2020

    නාවික හමුදාව 2020 ජුලි මස 19 වන දින උතුරු නාවික විධානය කේන්ද්‍රකර ගනිමින් කජු පැළ සිටුවීමේ මහාපරිමාන ව්‍යාපෘතියේ ප්‍රථම අධියර ආරම්භ කරන ලදි.

    යාපනය අර්ධද්වීපයේ සාගර ජෛව විවිධත්වය සහ හරිත පරිසරය ආරක්ෂා කිරීම සඳහා නිරන්තර දායකත්වය ලබා දෙන නාවික හමුදාව එහි නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් කජු පැළ රෝපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

    මෙම ව්‍යාපෘතියේ පළමු අධියර වශයෙන් කජු පැළ 560 ක ප්‍රමාණයක් කජු සංස්ථාවේ සහයෝගයෙන් නාවික හමුදාව වෙත ලබා ගත් අතර, එම පැළ උතුරු නාවික විධානයේ සියළුම ආයතයන් වෙත බෙදා දීමට ද මෙහිදී  සිදුවිය.

    මෙම ව්‍යාපෘතිය නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ ප්‍රධානත්වයෙන් හා උපදෙස් මත නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුදත් ලේල්වල ගේ මඟ පෙන්වීම යටතේ විධානයේ ගොඩබිම් මෙහෙයුම් කාර්ය මණ්ඩලය සහ විධාන ක්‍රීඩා කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලද අතර, ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් කජු පැළ 100 ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයෙහි රෝපණය කර තිබේ.

    මෙම අවස්ථාවට විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී විය.

    Latest News