අඟුලාන පොලීසියේ ක්‍රියා කලාපය ගැන විශේෂ විමර්ශනයක්

ජූලි 20, 2020

    අඟුලාන පොලීසියට අලාභ හානි කරමින් ප්‍රදේශවාසීන් කලහකාරීව හැසිරීමේ සිදුවීමේදී පොලීසීය ක්‍රියා කළ ආකාරය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.

    ඒ, පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයෙන් ය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, එවැනි සිදුවීමක් ඇති වූයේ පොලීසිය නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් ද යන්න පිළිබඳව එහිදී සොයා බැලෙන බවයි.

    ප්‍රදේශවාසීන් එල්ල කළ ප්‍රහාර වලින් අඟුලාන පොලීසීයට සිදුව ඇති අලාභය රුපියල් 70,000 ක් පමණ වන බව ද ඔහු සඳහන් කළේය.

    පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අඟුලානේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මියයාමේ සිදුවීම පදනම් කරගනිමින් එලෙස ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවක් ඇති විය.

    අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ලබන 30 වැනි දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට යළි කරුණු වාර්තා කිරීමට නියමිතය.

    Latest News