පැය 24ට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 409ක් අත්අඩංගුවට

ජූලි 20, 2020

    බස්නාහිර පළාතේ අද උදෑසන 5.00න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ විශේෂ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 409 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 153 දෙනෙක් ද ඒ අතර වන බවයි, බස්නාහිර පළාත් හාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

    මේ අතර බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,522කට ඊයේ දිනයේදී අවවාද කෙරිණ.

    එමෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ද තවත් පුද්ගලයින් 1,340කට අවවාද කර ඇති බවයි, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කළේ.

    Last modified on සදුදා, 20 ජූලි 2020 11:06

    Latest News