අපනයන පිළිවෙත විධිමත් කරන බව අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි

ජන 03, 2019

    ඉකුත් දේශපාලන අර්බුදය හට නොගත්තේ නම්, 2018 වසරේ අපනයන ඉලක්කගත ආදායම සපුරාලීමට හැකිව තිබූ බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පෙන්වා දෙයි.

    වත්මන් රජය, අපනයන පිළිවෙත විධිමත් කිරීමේ නිරතව සිටිනන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 2018 වසරේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ලබාගත් ප්‍රගතිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්විණ.

    2018-2022 ජාතික අපනයන ප්‍රතිපත්ති හා 2019 වසරේ සැලසුම්ගත ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී කරුණු දක්වනු ලැබීය. ශ්‍රී ලංකාව නවෝත්පාදන හා ආයෝජන මගින් මෙහෙයවනු ලබන අපනයන කේන්ද්‍රයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කියා සිටියේ අපනයන ප්‍රවර්ධනය සඳහා අංශ රැසකින් විධිමත් සැලසුම්ගත වැඩසහනක් හඳුන්වා දී ඇති බවයි. අපනයනකරුවන්ට අවශ්‍ය සහය ලබා දීම සඳහා රජය පුළුල් ක්‍රියාමාර්ග අනුගමනය කරයි. 2018 වසරේ ඉලක්කගත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 1,740 කි. එහෙත් සත්‍ය වශයෙන් උපයාගත හැකි වූයේ අමෙරිකානු ඩොලර් කෝටි 1,700කි.

    දේශපාලන අර්බුදකාරී තත්වය මේ පසුබෑමට හේතුවක් වූ බව අමාත්‍යවරයාගේ අදහසයි.

    Latest News