නීති විරෝධී වත්කම් විමර්ශනය සඳහා නව පොලිස් ඒකකයක්

ජූලි 19, 2020

    අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ "නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය" ලෙස නව පොලිස් ඒකකයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    අද (19) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

    විවිධ ජාවාරම් සහ මත්ද්‍රව්‍ය හරහා නීති විරෝධීව උපයන නිෂ්චල සහ චංචල දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් පූර්ණ කාලීනව කටයුතු කිරීම මෙම කොට්ඨාශයේ රාජකාරිය බව ද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    Latest News