අපරාධ කල්ලි සාමාජිකයින් හා සමීපතමයින් 35 ක් අත්අඩංගුවට

ජූලි 19, 2020

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා ඔවුන් සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයින් 35 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශ වලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    පොලීසිය පැවසුවේ, පසුගිය මැයි 31 වැනි දා සිට මේ දක්වා වූ කාලය තුළ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි.

    මේ වනවිට බස්නාහිර පළාත තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 30 ක් පමණ ක්‍රියාත්මකව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

    Latest News