මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රාජකාරි වලින් ඉවත් වෙයි

ජූලි 19, 2020

    අද (19) සිට සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතු වලින් ද සිය සංගමය ඉවත් වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති උපුල් රෝහණ සඳහන් කර ඇත්තේ තම සංගමයේ ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් ඉදිරියේ දී වර්ජනයකට වුව ද සූදානම් බවය.

    අමාත්‍යවරියගේ ප්‍රකාශය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා නොදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා ද මෙම තීරණය ගත් බව රෝහණ සඳහන් කර තිබේ.

    සිකුරාදා (17) දහවල් 12.30 ට කොවිඩි 19 රාජකාරිවලින් ඉවත් වූ බවත් අද සිට සියලුම බෝවන රෝග වැළැක්වීමේ ඉවත් වන බවත් හෙතෙම සඳහන් කළේය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරමින් එහි බලතල සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා නොදීමට තීරණය කළ බවත් එයට හේතුව ජනතාව පීඩාවට පත්වීම වැලැක්වීම බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා තිබූ බව, මාධ්‍ය වාර්තා කර තිබේ.

    අමාත්‍යවරිය එවන් ප්‍රකාශයක් නොකළ බව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බව පැවසුනත් එසේ නොකීවේ නම් මාධ්‍ය වාර්තා නිවැරදි කරන ලෙස අමාත්‍යාංශයට අභියෝග කරන බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා ඇත. 

    Latest News