හබරාදුවේ පළමු කොරෝනා ආසාදිතයා සුව අතට

ජූලි 19, 2020

    කොරෝනා ආසාදනය විමෙන් කොළඹ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හබරාදුව, හිනටිගල ප‍්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සුවය ලබා නිවසට පැමිණි තිබෙනවා.

    හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප‍්‍රමෝද සිරිවර්ධන පැවසුවේ මෙම උපදේශකවරයාට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි කළ PCR පරික්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

    ඉන් පසු ඔහු ප‍්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහල වෙත ඇතුළත් කෙරිණ.

    මෙම උපදේශකවරයාගේ බිරිද ඇතුළු සමිප ආශ‍්‍රිතයින් 21 දෙනෙකු ලබන බදාදා (22) දෙවැනි වරට ද PCR පරික්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

    ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ, ඔවුන්ගේ පළමු PCR පරික්ෂණයේ දී මෙම උපදේශකවරයාගේ සමිප ආශ‍්‍රිතයින් කිසිවෙකුටවත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවි ඇති බවයි.

    Latest News