සෙනසුරාදා බෞද්ධ කොඩිය ප්‍රදර්ශනයට ඉල්ලීමක්

ජන 03, 2019

    ත්‍රිපිටකය ආරක්‍ෂා කිරිමේ අරමුණින් ජාතික උරුමයක් බවට ප්‍රකාශයට කෙරෙන ජනාවරි 05 වැනිදා රාජ්‍ය ආයතන, විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් වසර 2300කට අධික කලක් ආරක්‍ෂා කළ ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහා පුණ්‍යෝත්සවය මාතලේ අලුවිහාරයේ දී පැවත්වේ. 

    මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා 1500 නමකගේ සහභාගිත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙන්ම පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඊට හිමිව තිබේ.

    Latest News