පදික වේදිකාවේ සහ අනවසර ස්ථානවල වාහන නැවැත්විය නොහැකියි

ජූලි 16, 2020

    පදික වේදිකාවල හා මාර්ගයේ අනවසර ස්ථානවල නවතා තබා ඇති වාහන සොයා හෙට (17) සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

    පදික වේදිකාවල හා මාර්ගයේ අනවසර ස්ථානවල වාහන නවතා තැබීම හේතුවෙන් විශාල ලෙස මාර්ග අනතුරු සිදුවන බව ඔහු පැවසීය.

    මේ අතර “වාහන නවතා තැබීම තහනම්“ යනුවෙන් සඳහන් කර ඇති ස්ථානවල වාහන නවතා තැබීම නොකරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම යතුපැදිකරුවන්ගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

    පදික වේදිකාවල හා මාර්ගයේ අනවසර ස්ථානවල වාහන නවතා නැබීම සිදුකළ හොත් අදාළ වාහනය රැගෙන යෑමට කටයුතු කරන බවත් ඒ සඳහා දැරූ පිරිවැය අදාළ වාහන හිමියා විසින් ගෙවිය යුතු බවත් ඒ මහතා පැවසීය.

    මාර්ගයේ අනවසර ස්ථානවල වාහන නවතා තබන පුද්ගලයින්ට එරෙහිව මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන මෙන්ම ජාතික මං මාවත් පනතේ ප්‍රතිපාදන අනුව නඩු පැවරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

    Latest News