කොවිඩ් ආසාධිතයින් පාලනයට රජයෙන් පියවර රැසක් (වීඩියෝ)

ජූලි 16, 2020
  • මහමැතිවරණට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    නව්‍ය කොරෝනා වෛරසය මැඩ පවත්වා ජනතාව ආරක්ෂා කිරීමට රජය පියවර ගන්වා බවද මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

    වෛරසය ආසාදනය වූවන් මේ වන විට සමාජයෙන් වාර්තා නොවන මට්ටමට පාලනය කර ගැනීමට රජයට හැකි වී ඇති බවයි, අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

    ඒ සඳහා රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරනවා. බොහෝ දෙනාගේ කැපවීම මෙහිදී වැදගත් වූ බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    සෞඛ්‍යයට අදාළව ප්‍රශ්න රැසක් මෙහිදී මාධ්‍යවේදන් විමසා සිටියා.

    එම ප්‍රශ්නවලට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් පිළිතුරු ලබා දුන්නා.

    කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ අවශ්‍ය වෛද්‍ය පහසුකම් සපයා ඇති අතර, අවශ්‍ය වුවහොත් වැලිකන්ද රෝහලෙන්ද එම පහසුකම් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජූලි 2020 20:33

    Latest News