සැමියා සමඟ විරසකයට දියණිය වල දැමූ මවක්

ජන 03, 2019

    දින 28 වයසැති සිඟිති දියණිය පන පිටින් ගෙවත්තේ වල දැමූ බවට සැක පිට ඇයගේ මව හැටන් පොලිසිය මගින් අද (03) අත්අඩංගුවට ගැනේ.

    හැටන් පොලිස් වසමේ යුයිල්ෆිල්ඩ් වතුයායේ පදිංචි 28 හැවිරිදි සැකකාරිය ඊයේ (02) පෙරවරු 11 ට පමණ සිඟියති දියණියට මව් කිරි දී නිදි කරවා පසුව ගෙවත්තේ කැලි කසළ බැහැර කිරිම සදහා කපා තිබු වලකට දමා පස් වලින් වසා දමා ඇති බවයි හැටන් පොලිසිය පැවසයි. සැකකාරියගේ මව විසින් බිළිඳු දියණිය ගැන විමසූ අවස්ථාවේ, ඇය ප්‍රකාශ කර ඇත්තේ තම සිඟිති දියණිය ගෙවත්තේ වල දැමු බවයි.

    මව් කිරි දෙමින් සිටියදී ජිවිතක්ෂයට පත් වු බව පවසමින් මෙම සිඟිතියගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහල වෙත භාර දීමට සැකකාර මවගේ ඥාතීන් විසින් උත්සාහ ගෙන ඇති බව පොලිසිය පවසයි.

    මිය ගිය සිඟිතියගේ ගෙල වටා පස් තැවරි ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ අනුව සැකකාරිනියගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී, තම සැමියා සමග පවතින ආරවුලක් හේතුවෙන් තම දියණිය පස් දමා පන පිටින් වැලළු බව පොලිසියට පාපොච්චාරණය කර ඇත. මහනුවර ප්‍රදේශයේ කුලිකරුවෙකු වශයෙන් සේවය කරන ඇගේ සැමියා ඝාතනය සිදු වන අවස්තාවේ නිවසේ නොසිටි බව පොලිසිය පවසයි.

    ඝාතනයට අනුබල දිම සහ වසන් කිරිම සම්බන්ධයෙන් සැකකාර කාන්තාවගේ මවද අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 20:38

    Latest News