බන්දුලගේ ප්‍රකාශයට මහේලගේ කණගාටුව

ජන 03, 2019

    මෙවර අපොස උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතාමත් කණගාටුවට පත්වන බව මහේල ජයවර්ධන පවසයි. 

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවමින් කියා සිටියේ පෞද්ගලික අයඳුම්කරුවන්ගේ සහ රජයේ අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල එකට ඉදිරිපත් කිරීම වැරදි ක්‍රියාවක් බවයි.  ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ පානදුර සයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුවියක් මෙවර උසස් පෙළ විභාගයේ දී කලා අංශයෙන් ප්‍රථමයා බවට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්. 

    හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සිය ටුවිටර් ගිණුමේ පණිවුඩයක් තබමින් කියා සිටියේ අධ්‍යාපනය යනු දැනුම බවත්, එය නිදහස් අධ්‍යාපනයෙන් හෝ මුදල් ගෙවා හෝ ලබාගැනීම වැදගත් බවයි.  ඒ අනූව, ඉදිරි පරපුර අධ්‍යාපනය ලබාගැනීමට සෑමවිටම උනන්දු කළ යුතු බව ද ඔහු කියා සිටී.  

    මේ අතර, උසස් පෙළ විභාගයෙන් විශේෂ දක්ෂතා දැක්වූ සෑම අයෙකුටම ඔහු සුභ පැතුම් එක් කළේය.

    mahela px 900 19 01 03

     

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 13:25

    Latest News