කොස්තාපල්ගේ අල්ලසට බරපතල සිරදඬුවමක්

ජන 03, 2019

    පොලිස් කොස්තාපල්වරුයෙකු රුපියල් 3000 ක අල්ලස්ක් ලබා ගැනිම සම්බන්ධයෙන් වැදිකරු කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 08 ක සිරදඬුවමක් සහ රුපියල් 20000 දඩයක් පිරිනැමේ.

    ගිරාඳුරුකොට්ට පොලිස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරුයකු රථවාහන වරදක් වෙනුවෙන් නීතිමය පියවර නොගැනිමට රුපියල් 3000 අල්ලසක්, 2014 වසරේ මැයි මස 21 වැනිදා සහ 24 වැනිදා කාලය තුළ ලබාගත් බවට අල්ලස් කොමිස විසින් කොළඹ මහාධිරණයේ නඩු පවරා තිබිණ.

    දිර්ග නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා කියා අද සිටියේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති අධිචෝදනා 04කට විත්තිකාර පොලිස් කොස්තාපල් වැදිකරු බවයි.

    එ අනුව එක් අධිචෝදනාවකට වසර 04 බැගින් බරපතල වැඩ සහිතව, වසර 16 ක සිරදඬුවමක් වසර 8කින් ගෙවි යන පරිදි නියම කළේය. ඊට අමතරව රුපියල් විසි දහසක දඩයක් නියම කළ අතර එම දඩය නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක්ද නියම කෙරිණ.

    Latest News