යල කන්නයේ වී මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් මුදල්

ජූලි 14, 2020

    2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත.

    පසුගිය වසරවල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ මිලදී ගනු ලැබු අතර, අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය‍ට අනුව, නව රජය විසින් 2019/2020 යල කන්නයේදී සියලුම වී වර්ග සඳහා ඉහළ මිලක් ලබාදෙමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 බැගින් මිලදී ගනු ලැබීය.

    ඒ අනුව, මෙවර යල කන්නයේදී ද වී ගොවීන්ගේ අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදීම සහතික කරමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩල සතු දිවයින පුරා පිහිටි වී ගබඩා මේ වනවිට ද විවෘත කර ඇත.

    ප්‍රමාදයකින් තොරව වී ගොවීන්ගේ මුළු අස්වනු ප්‍රමාණයම රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීම අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ද මේ වනවිට මහා භාණ්ඩාගාරය විසින් වී අලෙවි මණ්ඩලය වෙත නිකුත් කර තිබේ.

    Latest News