බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරී වේලාවන් වෙනස් කෙරේ

ජූලි 13, 2020

    වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදනය වූ රැදවියන් දෙදෙනෙකු හමුවීමත් සමග කොළඹ බන්ධනාගාරවල නිලධාරීන්ගේ රාජකාරී වේලාවන් වෙනස් කිරීමට තීරණය කර තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ කොළඹ බන්ධනාගාරවල නිලධාරීන් කණ්ඩායම් කිහිපයකට වෙන් කර රාජකාරී සදහා යොදවන බවයි.

    එක් කණ්ඩායමක් දින 10 ක් හෝ දින 14 ක් අඛණ්ඩව රාජකාරී සිදුකළ යුතුයි.

    ඊට සමාන නිවාඩු ලබාදීමටද නියමිතව තිබේ.

    නිවාඩු අවසන් කර රාජකාරියට වාර්තා කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් එම නිලධාරීන් පරීක්‍ෂාවකට ලක් කෙරේ.

    යම් නිලධාරියෙකු සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැක මතු වුවහොත් ඔහු PCR පරීක්‍ෂණයකට භාජනය කිරීමට ද අදහස් කර ඇති බවයි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

    ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරය තුළ රාජකාරී සිදුකරන නිලධාරීන් මෙම විශේෂ සේවා මුර යටතේ රාජකාරී සඳහා එක්කර ගනු ඇති.

     

    Last modified on සදුදා, 13 ජූලි 2020 18:04

    Latest News