ලුනාව වෙඩි තැබීමකින් අයෙක් මරුට

ජූලි 11, 2020

    මොරටුව ලුනාව ප්‍රදේශයේ සිදුවූ ‍වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 11.45ට පමණ. අඟුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්‍ෂා කිරීමක් ඊයේ සිදු කෙරිණ. එහිදී ත්‍රීරෝද රථ දෙකක් නවතා පරීක්‍ෂා කිරීමට යාමේදී ත්‍රීරෝද රථයේ පැමිණි පුද්ගලයින් විසින් පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහර දී කලහකාරී ලෙස හැසිරෙමින් රාජකාරියට බාධා කර තිබේ.

    පොලිස් නිලධාරියෙකු රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදු කර ඇත. වෙඩි වැඳී තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ. ඔහු 39 හැවිරිදි ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Latest News