ලක්ෂපාන ඇල්ලේ දියනෑ බ්‍රිතාන්‍ය තරුණයා මියයයි

ජන 02, 2019

    ලක්ෂපාන දියඇල්ල පාමුල අනාරක්ෂිත ස්ථානයක දියනාමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් වෙයි.

    අනතුර ඊයේ සවස සිදුවිය. මෙසේ මියගොස් ඇත්තේ, අප්‍රිකානු සම්බවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික 29 හැවිරිදි තරුණයෙකි. සිය පෙම්වතිය සහ මිතුරන් කිහිපදෙනෙකු සමග ඊයේ සවස 2.00ට පමණ ලක්ෂපාන දිය ඇල්ල ආසන්නයට පැමිණ තිබේ.

    මෙම ස්ථානයේ දිය නාමින් සිටිය දී එකවරම ඔහු අතුරුදන් වී ඇති බව, වාර්තා වෙයි. පසුව, ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව තරුණයාගේ සිරුර සොයා ගැනිණ. පශ්චාත් මරණ පරීක්ෂණය, දික්ඔය මූලික රෝහලේ දී පැවැත්විය. නෝටන් බ්‍රිජ් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

    Latest News