ඩ්‍රෝන යානා උපයෝගි කර ගනිමින් ගුවන් අධීක්‍ෂණ මෙහෙයුම්

ජූලි 04, 2020

    මානුෂිය අවශ්‍යතා සඳහා ඩ්‍රෝන යානා උපයෝගි කර ගනිමින් ගුවන් අධීක්‍ෂණ මෙහෙයුම් සිදු කිරීම සඳහා බලය පැවරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

    ප්‍රථම අදියර යටතේ, ඩ්‍රෝන ක්‍රියාකරුවන් 19 දෙනෙකුට බලයලත් සහතික ප්‍රදානය කෙරිණ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන මෙහෙයුම් විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කරවීම සඳහා වන වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි.

    අනාගතයේ ඩෙංගු මර්දනය, වනජීවි ආරක්‍ෂණ, අලි-මිනිස් ගැනුම්, ආපදා කළමනාකරණ හා පුරාවිද්‍යා යන ක්‍ෂේත්‍ර සඳහා ඩ්‍රෝන නිරීක්‍ෂණ යොදා ගැනීමට අපේක්‍ෂිතයි. එමෙන්ම භාණ්ඩ ප්‍රවාහනය, විෂබීජහරණය, ගුවනේ සිට ප්‍රචාරණ සිදුකිරීම හා ජනතාවගේ උෂ්ණත්වය මැන බැලීම වැනි කටයුතු සඳහා ද ඩ්‍රෝන යානා යොදා ගැනේ.

    අයදුම් කළ 89 දෙනෙකු අතරින් තෝරාගත් ක්‍රියාකරුවන් 19 දෙනෙකුට, බලයලත් සහතික පිරිනැමීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ පිළිබඳ උත්සවය සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    Latest News