දඹගල්ල රක්‍ෂිතයේ ගින්නක්

ජූලි 04, 2020

    මොනරාගල, දඹගල්ල රක්‍ෂිතයේ ඊයේ ගින්නක් හටගෙන තිබිණ.

    පැය ගනනක් තුල ගින්න රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ අතර, එහි අක්කර පනහකට වඩා විනාශ වී ඇත. කුඹුක්කන 121 වන බලසේනා මූලස්ථානයේ සෙබළුන් විසින් ඊයේ පස්වරුව වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.

    ගින්නෙන් රක්‍ෂිතයට විශාල හානියක් සිදුවී ඇති අතර ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියලී කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න මැඩපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුවිය. කිසියම් පුද්ගලයකු රක්‍ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පල කරන අතර, දඹගල්ල පොලිසිය විමර්ශන සිදු කරයි.

    Latest News