යකාබැඳි ඇල්ලේ දිය නෑමට ගිය සිසුන් 2ක් මරුට

ජූලි 04, 2020

    ගිරිඋල්ල, යකාබැඳි ඇල්ලේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මිය ගියේය.

    අනතුර සිදුවූයේ ඊයේ සවස. සිද්ධියෙන් තවත් පස් දෙනෙකු දිවි බේරාගෙන තිබේ. හත් දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස රබර් ටියුබ් යොදාගෙන යකාබැඳි ඇල්ලේ විනෝදවීමට ගොස් තිබේ. ටියුබ් යොදාගෙන විනෝදවෙමින් සිටි, සිව් දෙනෙකුයි. මෙම අනතුරට මුහුණ දුන්නේ. මියගිය අයගෙන් එක් අයෙකු නාරම්මල මයුරපාද විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත. ඔහු පන්නල, ඉහළ කොටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    මියගිය අනෙක් සිසුවා මත්තේගම, සල්මල්උයන ප්‍රදේශයේ පදිංචි ගිරිඋල්ල, වික්‍රමශිලා ජාතික පාසලේ 12 වසරේ ඉගෙනුම ලබමින් සිටි බව අප වාර්තාකරු පවසයි.

    Latest News