විදුලි බිලට සහන දෙන්න යෝජනා ඉදිරිපත් කීමට සිව් පුද්ගල කමිටුවක්..

ජූලි 02, 2020

    කොවිඩ් 19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (01) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පෙන්වා දුන් කරුණු අනුව ජනාධිපතිතුමා විසින් දී ඇති උපදෙස් පරිදි අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අදාල නිර්දේශ ලබා දීම සඳහා සිවු පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

    මෙම කමිටුවේ සභාපතිත්වය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතා උසුලන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඇතුලු ලංකා විදුලි බල මණඩලයේ නිලධාරින් තිදෙනෙක් ද එම කමිටුවට ඇතුළත් කර තිබේ.

    මෙම කමිටුව සිය අදහස් හා යෝජනා ලබන සඳුදා වනවිට ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් උපදෙස් දී ඇත.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 09:29

    Latest News