පොලීසියට තවත් වගකීමක්

ජූලි 01, 2020

    උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ අදාළ සියළු පාර්ශ්ව දැනුවත් කිරීමේ වගකීම පොලීසිය වෙත පවරා ඇත.

    වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇත්තේ උපකාරක පන්ති සංවිධායකවරුන්, ඉගැන්වීමේ කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන් වෙත අදාළ මාර්ගෝපදේශ පිටපත් ලබාදී ඔවුන් දැනුවත් කරන ලෙසයි.

    එම මාර්ගෝපදේශ පිටපත් උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානවල ප‍්‍රදර්ශනය කිරීමට ද පියවර ගන්නා ලෙසයි, උපදෙස් ලබාදී ඇත්තේ.

    කොන්දේසි සහිතව උපකාරක පන්ති පැවැත්වීම සඳහා මේ වනවිට රජය අවසර ලබාදී ඇත.

    Latest News