උත්සව සමයේ බීමත් රියදුරන්ට නීතිය තදින්

ජන 01, 2019

    පොලිස් විශේෂ ජංගම මුර සේවා යොදවා රියදුරන් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ඊයේ දිවයිනපුරා සිදු කෙරිණ.

    උත්සව සමයේ දී බීමතින් රිය පදවා අනතුරු ඇතිකර ගැනීමේ ප්‍රවණතාව ඉහළ යාමක් දක්නට ලැබේ. එය අවම කිරීමේ අරමුණෙන් මෙම ජංගම මුර සේවා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණ. මේ යටතේ විශේෂ ජංගම සේවා, ක්ෂණික මාර්ග බාධක යෙදවීම වැනි ක්‍රම මගින් ගමන් ගන්නා ත්‍රිරෝද රථ, යතුරු පැදි, මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීම සිදුවිය. එහිදී බීමතින් රිය පැදවූ පුද්ගලයන් අත්අඩංගුවට පත්වූහ.

    ඔවුන්ට විරුද්ධව රථ වාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කෙරිණ. මේ සඳහා පොලිස් නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.

    Last modified on අඟහරුවාදා, 01 ජනවාරි 2019 09:21

    Latest News