දිනක් තුළ අමෙරිකාවෙන් වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව අද

ජූනි 27, 2020

    අමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනික වැඩම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

    ඒ අනුව ඊයේ දිනයේ එරටින් අලුතෙන් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 40,000 කට අධිකයි.

    ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් ටෙක්සාස්, ෆ්ලොරිඩා හා ඇරිසෝනා ප්‍රාන්ත යළි විවෘත කිරීමේ සැළසුම් අත්හිටුවා තිබේ.

    මීට පෙර අමෙරිකාවේ වැඩිම දෛනික ආසාදිත රෝගීන් පිරිස පසුගිය 24 වැනි දින වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 36,400 කි.

    නිවැරදි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත මට්ටමට වඩා 10 ගුණයකින් පමණ වැඩිවිය හැකි බව, එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    අමෙරිකානුවන් මිලියන 20 කට පමණ වයිරසය ආසාදනය වී තිබිය හැකි බව රෝග පාලන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

    රට පුරා පුද්ගලයින්ගෙන් ලබාගන්නා ලද රුධිර සාම්පල ඇසුරෙන් මෙම ගණනය සිදුකර තිබේ.

    මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,553,068 ක් වන අතර, වයිරසය හේතුවන් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 127,640 කි.

    Latest News