හිටපු ජනපතිගේ නම සහිත පුවරු වසා තබන්න නියෝගයක්

ජූනි 27, 2020

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූරකාලයේදී පොළොන්නරුවේ සිදු කරන ලද ව්‍යාපෘතිවල විස්තර ඇතුළත් සමරුඵලක හා පුවරුවල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහ නම ඇතුළත්ව තිබේ නම් මැතිවරණ කාල සීමාව තුළ එම නම සහ රුව වසා තබන්නැයි පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට දැනුම් දී ඇත.

    සහකාර මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මහත්මිය පොළොන්නරුව නාගරික කොමසාරිස්වරුන්ට සහ ප්‍රාදේශීය සභා වල ලේකම්වරුන්ට ලිපියක් යවමින් මෙම දැනුම් දීම කර ඇත.

    මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ රුව සහ නම මෙම පුවරු සහ සමරු ඵලක වල ප්‍රදර්ශනයවීම අපේක්ෂක ප්‍රවර්ධනයට වක්‍රාකාරයෙන් බලපාන නිසා මෙම පියවර ගන්නැයි ද එම ලිපියෙන් දන්වා තිබේ.

    දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල බලයලත් නියෝජිත රැස්වීමේදී ඉදිරිපත් වූ පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව ද සහකාර මැතිවරණ කොමසාරිස්වරිය සිය ලිපියෙන් දන්වා ඇත.

    Latest News