සෞඛ්‍යාරක්ෂිත මැතිවරණ ක්‍රමවේද කඩකරන්නන්ට නීතිමය පියවර

ජූනි 27, 2020

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කෙරෙන ගැසට් නිවේදනයේ ඇතුළත් රෙගුලාසි කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

    කොවිඩ් 19 වසංගතය හමුවේ මහමැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීම සඳහා වන නිර්දේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මැතිවරණ කොමිසන් සභාවට බාරදෙනු ලැබූ අතර එම නිර්දේශ මාලාව රෙගුලාසි වශයෙන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    මෙම ගැසට් නිවේදනයෙන් සිදුවන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිර්දේශ මාලාව නීති සහ රෙගුලාසි බවට පත්වීම යැයි ද ඇය පැවසීය.

    අදාළ ගැසට් නිවේදනය සති අන්තයේ නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරිය සඳහන් කළාය.

     

    Latest News