මිලියන 122ක බීඩි කොළ සමග අයෙක් අත්අඩංගුවට

ජූනි 25, 2020

    රුපියල් මිලියන 122ක වටිනාකමින් යුතු බීඩි කොළ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන්දියාවේ චෙන්නායි සිට ආනයනය කරන ලද කන්ටේනර් බහාලුම් දෙකක් පරික්ෂා කිරීමේදී මෙම බීඩි කොළ තොගය සොයා ගත් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

    ඇඟලුම් අමුද්‍රව්‍ය බව පවසමින් මෙරටට ගෙන්වා තිබු අදාළ කන්ටේනර් බහාලුම් දෙකේ තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 24,000ක් සොයාගෙන ඇති බව සඳහන්වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News