විදුලි බිල්පත් සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කරන්න

ජූනි 25, 2020

    ගෙවුණු මාස දෙකක කාලය සඳහා අසාමාන්‍ය ලෙස ඉහළ අයකිරීම් සහිත විදුලි බිල්පත් ලැබුණු බවට විදුලි පාරිභෝගිකයන් ඉකුත් දින කිහිපයේම චෝදනා කළේය.

    විදුලි බිලෙහි වැඩිවීමක් ඇත්නම් එය නිවැරදි කිරීමට කටයුතු කරන බවට ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළත් තවමත් ප්‍රදේශ කිහිපයකට ඉහළ අගයන් සහිත විදුලි බිල්පත් ලැබී ඇති බව වාර්තා වේ.

    ගෙවුණු මාස දෙකක කාලය සඳහා විදුලි බිල්පත් ලැබීමේ දී ඒවායෙහි අසාමාන්‍ය ලෙස වැඩි අයකිරීම් සටහන්ව ඇත්නම් ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන බවට ලංකා විදුලි බල මණ්ඩලය පසුගියාදා සඳහන් කළේය.

    නමුත් පාරිභෝගිකයන් චෝදනා කරන්නේ තවදුරටත් තමන්ට සාමාන්‍ය බිල්පතට වඩා වැඩි අයකිරීම් සහිතව විදුලි බිල්පත ලැබී ඇති බවය.

    විදුලි බිල්පත ගෙවීමේ දී විදුලි පාරිභෝගිකයා හට යම් අසාධාරණයක් වී ඇත්නම් අදාළ විදුලි බිල්පත ගෙවීමට කලබල නොවන ලෙසත් ඒ පිළිබඳ පැමිණිලිකරන ලෙසත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    Latest News