කේරළ ගංජා 57 kl නාවික හමුදා බාරය‍ට

ජූනි 25, 2020

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කේරළ ගංජා තොගයක් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

    ඊයේ (24) අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු අයුරින් යාත්‍රා කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කර එහි තිබු පාර්සල්‍ 2ක අසුරණ ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 57.275ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

    නාවික හමුදා බාරයට ගත් වයස අවුරුදු 33 හා 39 ත් අතර පසුවන සැකකරුවන්, ඩිංගි යාත්‍රාව, හා කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කයිට්ස් ‍පොලීසිය වෙත භාර දී ඇත.

    කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 55 ක‍ට ආසන්න බව වාර්තා වේ.

    මෙම වසර තුළ පමණක් මෙම තොගය ද ඇතුලුව කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2911 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරය‍ට ගෙන ඇත.

    Latest News