බහුදින ධීවර යාත‍්‍රාවක් බේරුවලදී අනතුරට

ජූනි 20, 2020

    බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත‍්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා.

    කාර්මික දෝෂයකට ලක්ව තිබූ අදාළ යාත‍්‍රාව බේරුවල ධීවර වරායට රැගෙන ඒම සඳහා අද පෙරවරුවේ කුඩා යාත‍්‍රාවක් පිටත්ව ගොස් තිබුණා.

    බහුදින ධීවර යාත‍්‍රාව එලෙස රැගෙන එන අතරතුර ගල්බැම්මක වැදී, කැඞී මුහුදුබත්වී ඇති බවයි, පොලීසිය පැවසුවේ.

    එම අවස්ථාවේ අදාළ බහුදින ධීවර යාත‍්‍රාවේ ධීවරයින් 05 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් දිවිබේරා ගෙන තිබෙනවා.

    එම ධීවරයින්ට සුළු තුවාල සිදුව ඇති බවයි, පොලීසිය පැවසුවේ.

    මෙලෙස දිවිබේරා ගෙන ඇත්තේ අඹේපිටිය, මග්ගොන, හෙට්ටිමුල්ල සහ මහගොඩ යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

    Latest News