කොවිඩ්-19; ජපානයෙන් රු. මි.1360ක ආධාර (වීඩියෝ)

ජූනි 18, 2020
  • කොවිඩ්-19 වසංගතය වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා ජපාන රජයෙන් රුපියල් මිලියන 1360ක ආධාර මුදලක් ලබා ගැනීමට ගිවිසුම් ගතවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතායි.

    ලෝක බැංකු සමූහය විසින් මූල්‍යකරණය කරනු ලබන ආයෝජන ව්‍යාපෘති 4ක් සඳහා හදිසි අවශ්‍යතා ප්‍රතිචාර සංරචක යටතේ වෙන්කර ඇති අරමුදල් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 56ක් ඒ සඳහා ලැබෙනු ඇත.

    ඒ යටතේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රය නඟා සිටුවීම, ඊ අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කිරීම, නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදයක් පිහිටුවීම, ආපදා කළමණාකරනය සහ පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී රෝගය පැතිරයාම වැළැක්වීම යන ක්‍ෂේත්‍ර සංවර්ධනය කෙරෙනු ඇත.

    රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලවලදී පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පහසුකම් සැලසීමට ජපාන රජය රුපියල් මිලියන 457ක ප්‍රදානයක් ලබාදීමට එකඟ වී තිබේ. ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. එය අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවක්.

    ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 2020 සහ 2021 වර්ෂ වෙනුවෙන් සීමාසහිත මිල්කෝ පෞද්ගලික සමාගමෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යෝජනාව ඉදිරිපත් කළාය.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූනි 2020 20:14

    Latest News