අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ 176 දෙනෙකුගෙන් සාක්ෂි අසයි

ජූනි 14, 2020

    අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පුද්ගලයින් 176 දෙනෙකු මේ වනවිට සාක්ෂි ලබාදී තිබේ.

    එම කොමිසමේ ලේකම් එච්. එන්. බී. පී හේරත් මහතා පැවසුවේ, මේ වනවිට පුද්ගලයින් 771 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

    පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට දෙවැනි දිනටත් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව ඔහු පැවසුවේය.

    මේ අතර, කාන්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය කාලයේදී සිදු වූ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අනිද්දා සිට විමර්ශන ආරම්භ කරන බව ද ලේකම්වරයා පැවසීය.

    Latest News