ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව ජූනි 22 වැනිදා සිට

ජූනි 14, 2020

    තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ජූනි 22 වන දා සිට යළි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ මෙම එක්දින සේවාව ආරම්භ කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත එකවර විශාල සේවාලාභීන් පිරිසක් රැස්වීමේ අවදානම් තත්ත්වය පිළිබඳ සළකා එක්දින සේවාව යටතේ සීමිත පිරිසකට හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

    පළමු අදියර යටතේ ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනුමැතිය හරහා යොමු කෙරෙන අයදුම්පත්, බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී දිනකට පුද්ගලයින් 250 දෙනෙක් සඳහා සහ ගාල්ලේ පිහිටි දකුණු පළාත් කාර්යාලයට දිනකට පුද්ගලයින් 50 දෙනෙක් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැළසුම් කර ඇත.

    Latest News