ඩෙංගු මදුරුවන් මර්ධනයට මෙහෙයුම්

ජූනි 14, 2020

    ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක කෙරේ.

    එවැනි ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පියවර ගැනේ.

    මේ අතර, අනුරාධපුර නගරයේ ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන කිහිපයකට නීතිමය පියවර ගැනීමට අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ක්‍රියා කර ඇති බව වාර්තා වේ.

    මදුරු කීටයන් සහිත පරිශ්‍ර හඳුනාගැනීමෙන් පසු එම ස්ථාන හිමිකරුවන්ට නීතිමය පියවර ගැනීමට හා ඇතැම් පිරිසට දැඩි ලෙස අවවාද කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කටයුතු කර ඇත.

    Latest News