යාපනය - කුසුමන්තුරේ වෙරළ තීරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

ජූනි 13, 2020

    යාපනය, කුසුමන්තුරේ වෙරළ තීරයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝ 104 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    නාවික හමුදාව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

    කේරළ ගංජා තොගය හා සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉලවා‍ලෙයි පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කළේය.

    Latest News