තැපැල් ඡන්ද දින පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

ජූනි 13, 2020

    පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා දින වකවානු මේ දක්වාත් ප්‍රකාශයට පත්කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    තැපැල් ඡන්ද දින පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම කොමිසම සඳහන් කළේය.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කර තිබේ.

    මෙම මැතිවරණයට අදාළ කාර්යයන් සිදු කිරීමේ දින නියම කිරීමට අදාළ කිසිදු මැතිවරණ කොමිෂන් සභා පත්‍රිකාවක් කොමිෂන් සභාවට ඉදිරිපත්ව නොමැති අතර, එවැන්නක් සකස් කර හෝ නොමැති බව විෂය භාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තමන් වෙත දැනුම් දී ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇත.

    Latest News