ආදි මානවයින් භාවිත කළ ආයුධ ලංකාවෙන් හමුවේ

ජූනි 13, 2020

    අප්‍රිකාවෙන් පිටතදී ආදි මානවයින් විසින් බාවිත කළ පැරණිතම දුනු – ඊතල ලංකාවේදී සොයාගෙන ඇති බව වාර්තාවේ.

    වසර 48,000 පැරණි මෙම උපාංග අතර තිබූ හී තුඩකින් අනාවරණය වී ඇත්තේ අප්‍රිකාවෙන් පිටත එවැනි දුනු – ඊතල භාවිතා කිරීමට අදාළ තාක්ෂණයක් භාවිතා වී ඇත්තේ මෙරටදී බවයි.

    මෙම නව පුරාවිද්‍යාත්මක පර්යේෂණයෙන් ඇඳුම් සෑදීම සඳහා භාවිතා කළ හැකි උපකරණ ද සොයා ගෙන තිබේ.

    සීතලෙන් ආරක්ෂා වීම සඳහා මෙම රෙදි භාවිතා කරන්නට ඇති බව විශ්වාස කෙරේ.

    මෙහිදී හමුවූ අනෙකුත් පුරා වස්තු අතර මුහුදු බෙල්ලන්ගෙන් නිර්මාණය කරන ලද පැරණිතම පබළු විශේෂයක්ද පවතින බව වාර්තා වේ.

    මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ බුලත්සිංහල – ෆාහියන් ලෙනෙන් සොයා ගැනුණු වඳුරු සහ ලේන් සැකිළි පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි.

    මෙරට ආදී මානවයින් දුනු ඊතල භාවිතයේ පුරෝගාමීන් බව හෙළිවූ පර්යේෂණය සඳහා ජර්මානු සහ ඕස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායම් සමඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ ද එක්විය.

    මීට වසර 64,000කට පෙර දුනු ඊතල භාවිතය ගැන ඉපැරණිතම සාධක හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්.

    Latest News