ප්‍රදේශ රැසකට අදත් තද වැසි

ජූනි 13, 2020
    බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය. 
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.50 ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව ය. 
    දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකිය.
    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 09:16

    Latest News