පෙරටුගාමී උද්ඝෝෂණය; පොලිසියේ 30ක් නිරෝධායනයට

ජූනි 11, 2020

    අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට පහරදීමක් සිදුවූයේ රජයේ නියෝගයකට නොවන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

    කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය අසළදී පසුගිය 9 වැනිදා පැවති පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ උද්ඝෝෂණය මැඩපැවැත්වීමේ රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය සඳහන්. කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් තිස් දෙනෙකු නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන් නිරෝධායනයට යොමුකර ඇත්තේ, පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයටයි.

    පූර්ව කොවිඩ් සමයේ ජනතාව අනවශ්‍ය ලෙස එක්රැස් වීම වැළැක්වීම අත්‍යවශ්‍ය බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    Latest News